Saturday, March 19, 2011

JAVA තුල VECTORS භාවිතය

JAVA තුල ARRAYS භාවිතය ගැන මීට කලින් කොටස් වලදී මගේ මිත්‍රයා කණිෂ්ක විස්තර කරා ඔයාලට මතක ඇති.දැන් මම ඒ ARRAYS වලට තරමක් දුරට ආසන්නතාවයක් තියෙන ඒත් තරමක් වෙනස් VECTORS පිලිබදව ඔබව තරමක් දුරට දැනුවත් කරන්නයි හදන්නේ. සමහර විට මේ වන විටත් ඔබට VECTORS පිලිබද යම් අදහසක් ඇති කියා මා සිතනවා.

එහෙනන් අපි ප්‍රථමයෙන්ම බලමු , ඇත්තතටම මේ VECTOR කියල කියන්නෙ මොකක්ද කියලා.සරලව කිව්වොත් , Vector එකක් කියන්නෙ , DYNAMIC( ගතික ) තත්වයේ පවතින ARRAY එකක්. VECTOR CLASS එක අන්තර්ගත වෙලා තියෙන්නේ JAVA වල java.util පැකේජය තුලයි. මෙම VECTOR එකට අවශ්‍යතාවය අනුව ස්වයන්ක්‍රීයව වර්ධනය වෙන්න පුලුවන්.තවද, VECTOR එකකට String Array සහ int Array වලදි වගේ නිශ්චිත ස්ථීර ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන්නේත් නෑ.කෙසේ හෝ ,Vector එක නිර්මාණය වීමෙන් අනතුරුව,එයට Elements Add කිරීම හෝ Remove කිරීමට අනුකූලව එහි ඉඩ ප්‍රමාණය වර්ධනය වීමට හෝ හැකිලීමට උදව් වෙනවා.