Saturday, November 19, 2011

J2ME සඳහා අතුරුමුහුණත් සැකසීම (Alert View)

J2ME සඳහා අපි පසුගිය ලිපිවලින් ප්‍රවේශයක් ලබාගත්තා. අපි මින් ඉදිරියට බලමු J2ME සඳහා අතුරුමුහුණත් සකසන අන්දම. මුලින්ම අපි සලකා බලමු Alert class එක පිලිබදව. අපිට Alert class එක හමුවනුයේ javax.microedition.lcdui පැකේජය තුලදීය. එහි ස්වරූප කිහිපයක් ඇත අවස්ථානුකූලව අපට ඒ ඒ අන්දමින් Alert object සාදා භාවිතාකිරීමට එම නිසා හැකියාව ඇත. Alert එකක විවිධ ස්වරූපයන් AlertType class එක තුල define කර තිබේ. අපි දැන් බලමු J2ME හිදී සරල Alert එකක් පෙන්වන ආකාරය.

Friday, November 18, 2011

J2ME ක්‍රමලේඛණය සඳහා ආරම්භයක්

පසුගිය ලිපියේ අපි J2ME සඳහා හැඳින්වීමක් සහ J2ME සමග වැඩකිරීමට සඳහා අවශ්‍යවන මෘදුකාංග පිලිබඳ සොයා බැලුවා. අපි මෙම ලිපියෙන් අදහස් කරන්නේ Java ME යොදාගෙන මෘදුකාංග සංවර්ධනය කිරීමේදී දැනගත යුතු මූලික සංකල්ප පිලිබඳවයි.

මුලින්ම අපි බලමු sun wireless toolkit එක යොදාගෙන J2ME ව්‍යාපෘතියක් ආරම්භ කරන ආකාරය. ඔබගේ පරිගණකයේ සාර්ථකව sun wireless toolkit එක ස්ථාපනය කර ඇත්නම් desktop හි Java(TM) ME Platform SDK නමින් shortcut එකක් තිබිය යුතුයි. එසේ නොමැතිනම් all programs හි Java(TM) ME Platform SDK යටතේ එය සොයාගත හැකියි.

Saturday, November 5, 2011

Java ME සමහ ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණයට අත්පොත් තබමු

ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමට platform බොහොමයක් මේ දිනවල දැකගන්න පුලුවන්. මේ දිනවල බහුල වශයෙන් භාවිතා යෙදුම් නිර්මානය කෙරෙණුයේ Android, iOS මෙහෙයුම් පද්ධති සඳහායි. එමෙන්ම දැනට බිලියන ගනණක් ජංගම දුරකතනයන්හි අන්තර්ගත කර ඇති J2ME තාක්ෂණයත් අමතක කරන්න බැහැ. අද සිට අපි උත්සාහ කරමු Java ME platform එක සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම පිලිබඳව අධ්‍යයනය කිරීමට. මේ පිලිබඳව මුලින්ම J2ME තෝරාගන්නට සිතුවේ ඉදිරියේදී Android වැනි platform පිලිබඳ අධ්‍යයනය කිරීමේදී පහසුවක් වන නිසයි.