Friday, February 10, 2012

J2ME වැඩසටහන් සඳහා අතුරුමුහුණත් සැකසීම (LWUIT part1)

අපි අද සිට ඉගෙනගන්න යන්නේ J2ME වැඩසටහන් ලිවීමේදී අතුරුමුහුණත් හදන්නෙ කොහොමද කියල. මේ සඳහා ක්‍රම ගණනාවක් තිබුනත් සුදුසුම ක්‍රම 2 ක් විශේශයි. අපි දැන් බලමු ඒ මොනවාද කියල.
  1. LCDUI (Limited Capability Device User Interface) :  මෙය මූලික සහ ප්‍රධානම අතුරු මුහුනත් සැකසීමේ ක්‍රමයයි. සීමාසහිත පහසුකම් තමයි මෙමගින් ලබාගන්න පුලුවන්
  2. LWUIT (Light Weight User Interface Toolkit) : මෙමගින් අපිට පුලුවන් වඩා දියුණු user interface සැකසීමට. Layouts සහ අනෙකුත් බොහොමයක් අපිට හුරු පුරුදු widgets සඳහා මෙහි සහය දක්වනවා. මූලික OOP සංකල්ප ගැන, event handling ගැන අවබෝධයක් තිබේනම්. මෙය සමග වැඩකරන එක බොහොම පහසුයි. එමෙන්ම MIDP 2.0 මත ක්‍රියාත්මක වන device  independent ක්‍රමයක්.
අපි ඉදිරි ලිපි පෙලින් මේ LWUIT ගැන අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කරමු.