බොහෝ පරිගණක වැඩසටහන් සැලසුම් කිරීමේදී අපට පද්ධතියෙන් පරිභාහිර සම්පත්(resources) අප සැලසුම් කරන වැඩසටහන තුල භාවිතයට ගැනීමට සිදුවේ. උදාහරණ වශයෙන් ජාල සම්බන්දතා(network connections), files, පරිගණකයේ සසම්භාවී මතකය තුල පවතින විශාල වස්තුවක්(a large object in memory) හෝ සම්පත් අපතේ යෑම නිසා duplicate කල නොහැකි අනෙකුත් ඕනෑම resource එකක් සැලකිය හැකියි.
මෙවැනි අවස්ථාවලදී අප සකස්කරන සැලසුම අසාර්ථක එකක් වුවහොත් එය කෙලවර වන්නේ අධික ලෙස bandwidth එක භාවිතා කරන හෝ පරිගණක මතකය අපතේ යවන හෝ කාර්යක්ෂමතාව අතින් ඉතාම අඩු මට්ටමක පරිගණක වැඩසටහනකින්. ප්‍රොක්සි (proxy design pattern) යනු මෙවැනි අවස්ථාවන්හිදී සාර්ථකව apply කල හැකි design pattern එකකි.