Wednesday, April 7, 2010

ජාවා තුල භාවිතාවන මූලික දත්ත ආකාර (Basic Data Types of Java)

ජාවා යනු විචල්‍යයන්හි(Variables) දත්ත ආකාරය පිලිඹඳ තදින් සැළකිලිමත් වන පරිගණක භාෂාවකි (Strongly typed). එනම් අපි ජාවා තුල විචල්‍යයන් අර්ථ දක්වන විට අනිවාර්යයෙන්ම එම විචල්‍යය කුමන ආකාරයේ දත්ත රැඳවීමට භාවිතා කරන්නේද යන්න සඳහන් කල යුතුය. විචල්‍යය කුමන ආකාරයේ දත්ත රැඳවීමට භාවිතා කරන්නේද යන්න සඳහන් කල යුතුය. ඊට අමතරව විචල්‍යයන් භාවිතා වන විටදීද දත්ත ආකාරය ගැන තදින් සැළකිලිමත් විය යුතුය. නැතිනම් ජාවා සම්පාදකය (compiler) ඒ බව දන්වමින් දෝශ පනිවුඩයක් (syntax error) ලබා දෙනු ඇති.


අපි දැන් බලමු ජාවා තුල භාවිතාවන දත්ත ආකාර පිළිඹඳ විස්ත‍රයක්
දත්ත ආකාරය
(Data Type)
මූලපදය
(Keyword)
රඳවාගත හැකි අවම අගය(Min Value) රඳවාගත හැකි උප‍රිම අගය
(Max Value)

ප්‍රාරම්භක අගය(Initial Value)
Byte byte -128 127 0
Float float 1.4E-45 3.4028235E38 0.0F
Double double 4.9E-324 1.7976931348623157E308 0.0D
Integer int -2147483648 2147483647 0
Long long -9223372036854775808 9223372036854775807 0L
Short short -32768 32767 0
Character char '\u0000' '\uffff'' '\u0000'

ජාවාහි නිත‍ර භාවිතා වන දත්ත ආකාරයක් වන String දත්ත ආකාරය ඉහත වගුවේ සඳහන් ආකාරයේ දත්ත ආකාර මෙන් මූලික දත්ත ආකාරයක් නොවේ. එය Class එකකි. අපි String විචල්‍යයක් සාදන විට සිදුවන්නේ String object එකක් සෑදීමය. හි ප්‍රාරම්භක අගය (Initial Value) වනුයේ null ය. String  අපි classes හා objects පිලිඹඳ ඉදිරි පාඩම් පෙළකදී විස්ත‍රාත්මක ලෙස බලමු.
අපි දැන් බලමු ජාවා වැඩසටහනක් තුල විචල්‍යයන් භාවිතාවන්නේ කොහොමද කියල.
විචල්‍යයන් අර්ථදක්වන අයුරු (Defining a Variable)
Syntax : datatype variable_name

1: int number;
2: float temperature;
3: String name;
4: char first_letter;

විචල්‍යයන් සඳහා අගයන් ආදේශ කරන අයුරු (Assigning values)
 Syntax : variable_name = value

1: number=1133;
2: temperature=33.23;
3: name="Kanishka Dilshan";
4: first_letter='K'


මෙහිදී අගයන් ආදේශ කිරීමේදී  String  අගයන් සඳහා ද්වී උද්ධෘත පාඨයන් ද char අගයන් සඳහා තනි උද්ධෘත පාඨයන්ද භාවිතා කල යුතුය.
අවශ්‍ය නම් විචල්‍යය අර්ථ දක්වන විටම වුවද අගයන් ආදේශ කිරීම කල හැක.
උදා : int number=1133;
 වැඩිදුරටත් හැදෑරීම සඳහා....
http://java.sun.com/docs/books/tutorial/java/nutsandbolts/datatypes.html

2 comments:

  1. පැටලිලි ගොඩක් තිබිබ. සේරම විසදුනා.ගොඩක් පිං bro

    ReplyDelete
  2. Super Brother . niyami wede.....

    ReplyDelete