Thursday, April 8, 2010

අපි සරල ජාවා වැඩසටහනක් ලියමු

අපි මීට පෙර පාඩමෙන් ජාවා Variables පිළිබඳ කතාකලා.අපි අද පාඩමේදී ස‍රල ජාවා වැඩසටහනක් ලියන ආක‍රය බලමු. ජාවා කියන්නේ වස්තු පාදක (Object Oriented) ප‍රිගණක භාෂාවක් කියලා දන්නවානේ. සැම දෙයක්ම Object එකක් කියලා තමයි ජාවා තුලදී සැලකෙන්නේ. කොටින්ම කිව්වොත් අපි ලියන ජාවා වැඩසටහන පවා ජාවා තුල සැලකෙන්නේ Object එකක් ලෙසටයි. අපි දැන් බලමු ජාවා වැඩසටහනක ස‍රලම අවස්ථාවක්.
public class First {
  public static void main(String args[]){
 System.out.println("Hello Sri Lanka");
  }
}
මෙම කෝඩ් එක Notepad එකේ ටයිප් ක‍රලා First.java යනුවෙන්  save ක‍රගන්න. මම එය සේව් ක‍රගත්තේ D:\Java Examples කියන ෆෝල්ඩර් එකේ. 
දැන් තියෙන්නේ ජාවා වැඩසටහන සම්පාදනය ක‍්රගැනීමයි (compile). මේ සඳහා ඔබේ පරිගණකයේ Java Development Kit ස්ථාපනය කර තිබිය යුතුයි. මම මීට පෙර පාඩමකදී ජාවා ස්ථාපනය කරගන්නා අයුරු ඔබට පෙන්වාදී තිබෙනවා. එම පාඩම බැලීමට මෙතන ක්ලික් කරන්න. Java Development Kit භාගත ක‍රගැනීමට මෙතන Click ක‍්රන්න.
වැඩසටහන කම්පයිල් ක‍රගැනීමට Command Prompt හි පහත විධානය ලබා දෙන්න.

javac First.java
ප්‍රතිඵලය :
සාර්ථකව කම්පයිල් වූයේ නැත්නම් නැවත වැඩසටහන පරීක්ෂා කර බලන්න. ජාවා Case Sensitive නිසා Capital,Simple නිවැරදිව තිබිය යුතුය. සාර්ථකව කම්පයිල් වූ විට පහත ප‍රිදි  First.java වලට අමත‍රව First.class යනුවෙන් ගොනුවක් සෑදෙනු ඇති


දැන් තිබෙන්නේ කම්පයිල් වූ වැඩසටහන ධාවනය කිරීමයි (Run). මේ සඳහා පහත විධානය භාවිත කරන්න.
java First
ප්‍රතිඵලය :
අපි දැන් ලියන ලද ජාවා වැඩසටහන ගැන වැඩිදුරටත් අධ්‍යයනයක යෙදෙමු.
Line 1 : මෙම ලයින් එකෙන් අප ලියන ලද ජාවා වැඩසටහන අයත් class එක සඳහන් කිරීම සිදුකෙරෙනවා. ජාවා ගොනුව save ක‍රගත යුත්තේත් මෙම නමිනුයි. අපේ වැඩසටහනේ එය First ලෙස දී තිබෙනවා


Line 2: මෙමගින් අප ජාවා වැඩසටහනේ ප්‍රධාන method එකෙහි ආරම්භය සනිටුහන් වනවා. මෙම method එක හ‍රහා තමයි අනෙකුත් සියලුම methods call කිරීම සිදුවන්නේ.

Line 3: මෙහිදී println() නම් method එක call කිරීම සිදුකෙරෙනවා. එය ඇතුලුවන්නේ System නම් package එක තුලයි. out යනු ජාවාහි standard output stream එකයි(අපි ඉදිරි පාඩම් පෙලකදී ජාවාහි streams පිලිබඳ වැඩිදුරටත් හදාරමු). මෙය සාමාන්‍යයෙන් Command Prompt එකයි. මෙම සමස්ථ පේලිය මගින් සිදුක‍්රන්නේ Hello Sri Lanka යනුවෙන් command prompt / console එකෙහි පෙන්වීමයි.

අපි ඊලඟ පාඩමෙන් ජාවා operators පිලිබඳව බලමු.

17 comments:

  1. ඉතාම වටින ලිපි පෙළක්. දිගටම ලියන්න. මගේ සුබ පැතුම්.

    ( Word Verification අයින් කලා නම් වඩාත් හොඳයි. නැත්නම් කමෙන්ට් කරන්න කරදරයි. )

    ReplyDelete
  2. ඔබගේ අදහස් වලට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  3. ඔබගේ ලිපි කිහිපයක් උපුටා ගැනීමට හෝ ලින්ක් කිරීමට අව්ශ්‍යයි

    ReplyDelete
  4. කිසිම ගැටලුවක් නැහැ. ඔබට අවශ්‍ය දෙයක් කරන්න.

    ReplyDelete
  5. this is a very useful blog.keep it up!!

    ReplyDelete
  6. thank you very much bro...this is really usefull..keep the good work up.

    ReplyDelete
  7. niyamai
    digatama liyaagena yanna

    1st time java igenaganna kenekutath siraavatama therenawa

    ReplyDelete
  8. machan moko kiyanne..!!!

    patan gaththoth hoda nadda "J2EE tikath me ekkama..? ? "

    i mean Spring, Struts, Hibernate...


    bcoz machan oya karana widihata elakiri wage therenawa..thankx for the post's.go ahead buddy...

    ReplyDelete
  9. @Priyanka
    හ්ම්ම්
    ස්තුතියි ඔබගේ අදහසට.
    ඉස්සරහට පටන් ගන්නම් වෙලාව තියන විදියකට.

    ReplyDelete
  10. if these lessons could reach children you may be the best teacher for them my wish to you keep on going done well congratulation

    ReplyDelete
  11. niyama wadak digatama karagena yanna

    ReplyDelete
  12. ඔබගේ ලිපි කිහිපයක් උපුටා ගැනීමට හෝ ලින්ක් කිරීමට අව්ශ්‍යයි

    ReplyDelete
  13. ගැටලුවක් නැහැ..

    ReplyDelete
  14. ගොඩක් හොද වැඩක් මචං

    ReplyDelete
  15. godaaaaaaaaaaaaaaaaaak watinawa.. oyata godak thanks godaaak

    ReplyDelete