Sunday, April 4, 2010

Java Applications හා Java Applets අත‍ර ඇති වෙනස්කම්

Java Applets
  • ධාවනය වීමට ජාවා සඳහා සහය දක්වන වෙබ් බ්‍රවුසරයක් අවශ්‍ය වේ.
  • සීමා කරන ලද පරිසරයක් තුල ධාවනය වේ (Sand box).
  • ධාවනය වන පරිගණකයේ ඇති බොහෝ සම්පත්(File system, Networks..etc) භාවිතා කල නොහැක. නමුත් එය හොස්ට් කර ඇති සර්වර් පරිගණකයේ සම්පත් භාවිතා කල හැක.
  • ධාවනය වීමට පෙර අන්තර්ජාලය හරහා පරිගණකයට භාගත කල යුතුය. (සැයු : මෙය වෙබ් බ්‍රවුසරය ස්වයංක්‍රියව සිදුකරන ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් පරිශීලකයා මෙයට මැදිහත් විය යුතු නොවේ applet ටැගය මගින් වෙබ් බ්‍රවුසරය ජාවා applet එක හඳුනා ගනී.)
Java Applications
  • ජාවාහි උපරිම හැකියාව ලබාගත හැකිය
  • ධාවනය වන පරිගණකයේ සම්පත් මුලුමනින්ම පාහේ භාවිතා කල හැක.
  • සාමාන්‍යයෙන් ස්ථාපනය කිරීමකින් අනතුරුව ධාවනය(run) කල හැක.
Java Applet එකක් සඳහා උදාහරණයක් :


සැයු : අප ඉදිරි පාඩම් වලදී වැඩි දුරටත් ජාවා applets සහ applications පිලිඹඳ හැදෑරීමට බලාපොරොත්තු වේ.

5 comments:

  1. sarala basin gamburu harayak labaa ganeemata mema blog eka niyama thanaki,,,,,,,,,

    ReplyDelete
  2. plugins install kalath java applet pennanne ne..chrome browser1.

    ReplyDelete
  3. me blog1 tiyena applet wat pennanne ne...plugins install kalath...monada karanna ona?

    ReplyDelete
  4. @Anonymous , @Nadeesha
    ඒකට හේතුව ඔබගේ පරිගනකයේ නවතම ජාවා සංස්කරණය නොමැතිවීම වෙන්න පුලුවන්.

    windows නම් නවතම ජාව සංස්කරණය ඉන්ස්ටෝල් කරගත් පසුව ඇප්ලට් වැඩකරයි.

    linux නම් දැනට තියන ice tea plugin එක disable කරල, oracle java එක දාගන්න.

    firefox සඳහා එය පහත ආකාරයෙන් කරන්න පුලුවන්:
    mkdir ~/.mozilla/plugins
    ln -s /jre/lib/i386/libnpjp2.so ~/.mozilla/plugins/libnpjp2.so

    firefox එක restart කලාට පසුව ඇප්ලට් වැඩකරයි.

    ReplyDelete