Sunday, April 4, 2010

මුල්ම Java පාඩම :: Java හැඳින්වීම

ජාවා ප‍රිගණක භාෂාව භාවිතා ක‍රලා විවිධ ප‍රිගණක මෙහෙයුම් පද්ධති වල එකසේ ක්‍රියාත්මක වන මෘදුකාංග නිපදවීමට පුලුවන්. ජංගම දුරකථන,ඩෙක්ස්ටොප් ප‍රිගණක මෘදුකාංග සහ විශාල ප‍රිශීලකයන් ප්‍රමාණයක් භාවිතා ක‍රන සර්වර් සයිඩ් භාවිත යෙදුම් නිපදවීමටද ජාවා ප‍රිගණක භාෂාව උපකාර ක‍රගන්න පුලුවන්.

C/C++ වගේ නොවෙයි ජාවා ප‍රිගණක භාෂාව interpreted ප‍රිගණක භාෂාවක්. ඒ කියන්නේ ජාවා වැඩසටහනක තිබෙන්නේ මැෂින් ඉන්ස්ට්‍රක්ශන්ස් නොවෙයි, ජාවා වර්චුවල් මැෂින් එකට හඳුනාගන්න පුලුවන් ඉන්ස්ට්‍රක්ශන්ස්. ජාවා වර්චුවල් මැෂින් එක තමයි ජාවා වැඩසටහන් ධාවනය ක‍රවන්නේ. එතකොට ජාවා වල එක අවාසියක් තමයි C/C++ ත‍රම් කාර්යක්ශමතාවයක් ලබා නොදීම. ඒ වුනාට ජාවා වල තිබෙන වාසිත් එක්ක බලනකොට අවාසි නොසලකා හැරිය හැකි ත‍රම්. කාර්යක්ශමතාවය පිලිබඳ ගැටලුව උනත් නිරාක‍රණය ක‍රගන්න පහසුකම් ජාවා තුලින්ම සොයාගන්න පුලුවන්.

ජාවා ප‍රිගණක භාෂාව වස්තු පාදක OO(Object Oriented) ප‍රිගණක භාෂාවක්. මේ නිසා මනාකොට සංවිධානය ක‍රන ලද විශාල ප්‍රමාණයේ ප‍රිගණක වැඩ සටහන් ලිවීමට ජාවා යොදාගන්න පුලුවන්. 

සියලුම ලිපි කියවීම සඳහා මෙතනින් පිවිසෙන්න.

12 comments:

  1. නියම බ්ලොග් එකක්.. අහම්බෙන් හම්බ උනේ.. ජාවා ගැන පොඩි අවබෝධයක් තියෙනවා..
    OOP Parts ටික සෑහෙන්න වැදගත්.. දිගටම ලියාගෙන යන්න.. :D

    ReplyDelete
  2. Great Work Bro
    Another Great SLIITian.

    ReplyDelete
  3. අහම්‍බෙන් සෙට් උනේ. දිගටම කියවනව. ගොඩාක් පිං

    ReplyDelete
  4. dan thamai hambune :) thanx bro.. digatama liyanna..!

    ReplyDelete
  5. Best work I think my dream is coming true.GO AHEAD.......WISH YOU.........

    ReplyDelete
  6. සුපිරි ලිපිටික. අහම්බෙන් හම්බවුණේ.මටත් ජාවා ඉගෙන ගන්න ආශාවක් තිබුණා.පොඩි පොඩි ටියුටෝරියල් ටිකක් බලලා පොඩි වැඩසටහන් හැදුවා.ඒත් ටිකක් තේරෙනවා මදි.මේ සයිට් එක ප්‍රෙයෝජනවත් වෙයි කියලා හිතෙනවා.තෑන්ක්.

    ReplyDelete
  7. Patta.... digtama karapan macho. gud luck!!

    ReplyDelete
  8. පට්ට බ්ලොග් එක මචං මම යාලුවන්ටත් ලින්ක් එක යැව්ව. අදයි දැක්කෙ. සුපිරි මචං එල එල..

    ReplyDelete
  9. හොද වැඩක් මචං.. oop පැත්තට බර කරලා කරෙගන යන්න..
    wish u all d best for ur futr

    ReplyDelete