Friday, April 9, 2010

ජාවා කාරක (Java Operators) 1 කොටස

කලින් පාඩමෙන් පොරොන්දුවූ ප‍රිදිම මෙම පාඩමෙන් ජාවා operators පිලිබඳ සාකච්චා ක‍රන්න මම හිතුවා. කාරක(operators) යනු ඕනෑම ප‍රිගණක භාෂාවක අනිවාර්ය කොටසක්, මොකද ඔප‍රේටර් නොමැතිව අංක ගණිතමය, වීජ ගණිතමය හෝ තාර්කික අවශ්‍යතා ඉටුකරගත නොහැකියි. ජාවා තුල භාවිතාවන ඔප‍රේටර් සියල්ලක්ම පාහේ භාවිතා වන ආකාරය C/C++ වලදී ඔප‍රේටර් භාවිතා වන ආකාරයට සමානයි.
අපි දැන් බලමු ජාවා තුල භාවිතා වන මූලික ඔප‍රේටර් වර්ග මොනවාද කියලා.

  1. Arithmetic operators
  2. Relational operators
  3. Boolean logical operators
  4. Bitwise operators
අපි මෙම පාඩමෙන් සාකච්ඡා ක‍රන්නේ Arithmetic operators පිළිබඳවයි.
 මෙහිදී අපි a හා b යනුවෙන් integer විචල්‍යයන් 2 ක් යොදාගනිමු. a=14 ලෙසද b=8 ලෙසද assign ක‍රමු. ප්‍රථිඵලය රඳවා ගැනීමට c යනුවෙන් integer variable එකක්ද ගනිමු. පහත ඉදිරිපත් ක‍ර ඇති වගුව භාවිතයෙන් මේවායේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට උත්සාහ කරමු.
 int a=14; int b=8; int c;

කාරකය
(operator)
 කාරකයේ නම
operator name 
භාවිතය
usage
ප්‍රතිඵලය
result
+ Addition c=a+b  c=22
- Subtraction c=a-b  c=6
* Multiplication c=a*b  c=112
/ Division c=a/b  c=1
% Modulus c=a%b  c=6
+= Addition Assignment a+=b  a=22
-= Subtraction Assignment a-=b  a=6
*= Multiplication Assignment a*=b  a=112
/= Division Assignment a/=b  a=1
%= Modulus Assignment a%=b  a=6
++ Increment c=a++  c=15
-- Decrement c=b--  c=7
දැන් අපි ඉහත වගුව පිලිබඳ වැඩිදුරටත් අධ්‍යයනයක යෙදෙමු.

මුල් ඔප‍රේටර් 4 සම්බන්දව පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ ඒවා බැලූ පමණින් සිදුව ඇතිදෙය තේරුම් ගන්න පුලුවන්. අපි modulus ඔප‍රේටර් එකේ ඉඳලා බලමු.

modulus operator එකෙන් සිදුක‍්රන්නේ යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූවිට ඉතිරිවන අගය ලබාදීමයි. උදාහ‍රණයක් ලෙස a%b=6 ලෙස ඉහත වගුවේ දැක්වෙනවා, 14 සංඛ්‍යාව 8 න් බෙදූවිට 6 ක් ඉතිරි වනවා.


Addition Assignment operator එකෙන් a=a+b ලෙස ලියන දෙයම a+=b ලෙස කෙටික‍ර ලියන්න පුලුවන්. අනිත් assignment operators සියල්ල මගින් සිදුවන්නේ එම ආකාරයේ ක්‍රියාවලියක්.
උදා :
a*=b   ->  a=a*b
a%=b  -> a=a%b
පහත ජාවා වැඩසටහන තුලින් මූලික arithmetic operators කිහිපය ක්‍රියාකරන අයුරු තවත් පැහැදිලි කරගන්න පුලුවන් වේවි.
class Operators{
 public static void main(String args[]){
  int a=14;
  int b=8;
  int tmp=0;
  System.out.println("Value of a = " + a );
  System.out.println("Value of b = " + b );
  System.out.println("a + b      = " + String.valueOf(a+b) );
  System.out.println("a - b      = " + String.valueOf(a-b) );
  System.out.println("a * b      = " + String.valueOf(a*b) );
  System.out.println("a / b      = " + String.valueOf(a/b) );
  System.out.println("a % b      = " + String.valueOf(a%b) );
  System.out.println("a ++       = " + String.valueOf(a++) );
  System.out.println("Value of a = " + a );
  System.out.println("b --       = " + String.valueOf(b--) );
  System.out.println("Value of b = " + b );
 }
}
පැහැදිලි කිරීම: 
String.valueOf()  method එක භාවිතා කරනුයේ integer ආකාරයෙන් ඇති ගණිතමය ප්‍රතිඵලය console එකට යැවීමට පෙර String ආකාරයට පත් කිරීමටයි.  
ප්‍රතිඵලය:
අපි අනෙකුත් operators පිලිබඳව ඉදිරි පාඩම් පෙලකදී බලමු.

9 comments:

  1. ක්ලාසස් සහ මෙතඩ්ස් ගැන කියල දෙන්න. එතකොට String.valueOf() කියන්නේ මොකද්ද කියලා වැඩිය හොඳට තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
  2. niyamai,hodata theruna.thank you

    ReplyDelete
  3. නියමයි, පට්ට තේරුනා,,,,,,,,,.........

    ReplyDelete
  4. Mata danaganna puluwanda Undecorated frame ekaka title bar eke,close button eka lassanata disign karnne kohomasda kiyala????? Pleaseeee..

    ReplyDelete
  5. මචං කොමෙන්ට් වලට රිප්ලයි කලානම් ගොඩක් වටිනව

    ReplyDelete
  6. output eke ai, a++ = 14 , b-- = 8 wennai? ai 15 , 7 nowennai?

    ReplyDelete