Sunday, April 11, 2010

ජාවා කාරක (Java Operators) 2 කොටස :: Relational Operators

මීට පෙර ජාවා ඔප‍රේටර් ගැන කල පාඩමෙන් සාකච්ඡා වුනේ arithmetic operators පිලිබඳවයි. මම මෙම පාඩමෙන් පහදා දීමට උත්සාහ ක‍රන්නේ relational operators පිලිබඳවයි. relational operators යොදා ගැනෙන්නේ කිසියම් අගයන් හෝ විචල්‍යයන් අත‍ර සම්බන්දය ඇගයීම‍ටයි(evaluate).

උදාහ‍රණයක් වශයෙන් a හා b ලෙස විචල්‍යයන් 2 ක් ඇතැයි සිතන්න. a හා b සමානද, a හා b අසමානද, a, b ට වඩා විශාලද, a, b ට වඩා කුඩාද, a, b ට වඩා විශාල හෝ සමානද, a, b ට වඩා කුඩා හෝ සමානද යන්න පරීක්ශා කිරීම සඳහා අපට relational operators යොදාගත හැකිය. relational operators සැම විටම ප්‍රතිඵලය ලබා දෙනුයේ boolean ආකාරයෙනි.

අපි පහත වගුව තුලින් relational operators පිලිබඳ තවදුරටත් බලමු.

මෙහිදී මම a=18,b=21,c=21 ලෙස අගයන් ආදේශ ක‍රඇති integer විචල්ය්‍යයන් 3 ක් ගෙන ඇතිබව සලකන්න.

(operator) operator name usage result
==
Equal to
a==b
false
!=
Not equal to
b!=c
false
>
Greater than
b>c
false
<
Less than
a<b
true
>=
Greater than or equal to
b>=c
true
<=
Less than or equal to
b<=a
false

මෙය තවත් තහවුරු ක‍රගැනීම සඳහා ලියන ලද ස‍රල ජාවා වැඩසටහන පහත ප‍රිදිවේ.

class RelationalOp{
 public static void main(String args[]){
   int a=18;
   int b=21;
   int c=21;
   System.out.println("Value of a       :" + (a));
   System.out.println("Value of b       :" + (b));
   System.out.println("Value of c       :" + (c));
   System.out.println("a == b           :" + (a==b));
   System.out.println("b != c           :" + (b != c));
   System.out.println("b > c         :" + (b > c));
   System.out.println("a < b         :" + (a < b));
   System.out.println("b >= c        :" + (b >= c));
   System.out.println("b <= a        :" + (a == b));
 }
}
ප්‍රතිඵලය:

ඔබට පහත ජාවා applet එක භාවිතයෙන් මෙම relational operators භාවිතා වන ආකාය තවත් පැහැදිලි වනු ඇති.



අපි ඊලඟ පාඩමෙන් බලමු Boolean logical operators ක්‍රියා කරන ආකාරය.

3 comments: