Saturday, November 5, 2011

Java ME සමහ ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණයට අත්පොත් තබමු

ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමට platform බොහොමයක් මේ දිනවල දැකගන්න පුලුවන්. මේ දිනවල බහුල වශයෙන් භාවිතා යෙදුම් නිර්මානය කෙරෙණුයේ Android, iOS මෙහෙයුම් පද්ධති සඳහායි. එමෙන්ම දැනට බිලියන ගනණක් ජංගම දුරකතනයන්හි අන්තර්ගත කර ඇති J2ME තාක්ෂණයත් අමතක කරන්න බැහැ. අද සිට අපි උත්සාහ කරමු Java ME platform එක සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම පිලිබඳව අධ්‍යයනය කිරීමට. මේ පිලිබඳව මුලින්ම J2ME තෝරාගන්නට සිතුවේ ඉදිරියේදී Android වැනි platform පිලිබඳ අධ්‍යයනය කිරීමේදී පහසුවක් වන නිසයි.


Java ME තාක්ෂණය අඩු memory මට්ටමක් යටතේ ක්‍රියාත්මක වීම සඳහා optimize කරන ලද Java platform එකකි. එමනිසා මෙහිදී ජංගම දුරකතනයේ memory එක භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුයි.  මෙහි හරය ලෙස KVM එක හඳුනා ගන්න පුලුවන්. KVM යනු optimize කරන ලද Java Virtual Machine එකකි. පහත දැක්වෙනුයේ J2ME architecture එකයි.


අපි දැන් බලමු අපිට ආරම්භයේදී අවශ්‍යවන මෘදුකාංග මොනවද කියල.

1)  Java ME SDK 


2) Microemu J2ME simulator

මෙහිදි අත්‍යවශ්‍ය වන්නේ Java ME SDK එක පමනයි. Microemu simulator එකත් තිබේනම් නොයෙක් J2ME වැඩසටහන් පහසුවෙන් run කර බැලිය හැකියි.

සැයු : Java ME SDK ස්ථාපනය කිරීමට පෙර ඔබගේ පරිගනකයේ Java SE SDK එක ස්ථාපනය කරගෙන සිටිය යුතුයි. මෙතැනින් පිවිසීමෙන් එය බාගත කරගත හැකිවේ. එය  ස්ථාපනය කරන අන්දම මෙම පාඩමෙන් දැනගත හැකිය.

ප‍රිගණකය තුල ජාවා ස්ථාපනය කිරීම :: Installing Java

මෙම පාඩම් මාලාව සඳහා Java මූලික සංකල්ප පිලිබඳ දැණුම මෙන්ම ජාවා සමග Object Oriented සංකල්ප හාවිතය පිලිබදව දැණුමක් අවශ්‍යවේ. මෙහි පෙර ජාවා පාඩම් වෙත පිවිස එම දැණුම ලබාගත හැකිවේ යයි සිතමි.

J2ME පාඩම් මාලාව යටතේ අපි අධ්‍යයනය කිරීමට බලපොරොත්තු වන්නේ. 
  • Java ME platform හි මූලික සංකල්ප
  • මූලික GUI components සහ ඒවායේ භාවිතය
  • Low level UI (Canvas)
  • LWUIT (Light weight UI Toolkit)
  • Network Programming
  • J2ME persistence
  • Java ME MMAPI
අපි ඊලඟ පාඩමෙන් බලමු Java ME SDK එක යොදාගෙන J2ME වැඩසටහනක් ලියන අන්දම.

16 comments:

  1. දිගටම ලියන්න. ස්තූතියි.

    ReplyDelete
  2. දිගටම ලියන්න. අලුත් පෝස්ට් එකක් වැටෙනකල් බලාගෙන හිටියේ.

    ReplyDelete
  3. දිගටම ලියන්න. අලුත් පෝස්ට් එකක් වැටෙනකල් බලාගෙන හිටියේ.

    ReplyDelete
  4. නියමයි සහෝ.... කාලයට අවශ්‍ය වන තාක්ෂණික මාතෘකාවක් ගැන කථා කරන්න ආරම්බකිරිම ගැන.....

    ReplyDelete
  5. නියමයි සහෝ.... කාලයට අවශ්‍ය වන තාක්ෂණික මාතෘකාවක් ගැන කථා කරන්න ආරම්බකිරිම ගැන.....

    ReplyDelete
  6. sha menna karanawanam wada thama kauruth j2me gana liyala nahane well done bro keep it up

    ReplyDelete
  7. නියමයි... මේක ගොඩක් වැදගත්... දිගටම ලියන්න. පරක්කු කරන්න එපා. සතියෙන් සතියට හරි අප්ඩේට් කරන්න.

    ReplyDelete
  8. Niyamai Kolla Keep it up.

    ReplyDelete
  9. mata kiyala denna puluwnda SQL DB ekaka tiyena data walin java program (netbean )
    ekaka chart hadaganna widiya ?


    idhasitha@gmail.com

    ReplyDelete
  10. mata kiyala denna puluwnda SQL DB ekaka tiyena data walin java program (netbean )
    ekaka chart hadaganna widiya ?

    ReplyDelete
  11. අදයි මේ බ්ලොග් 1 දැක්කේ.. නියමයිනේ....
    දිගටම ලියාපන්.. ඔචෝ....

    ReplyDelete
  12. මමත් ඔයාව දිරිමත් කරනවා දිගටම ලියන්න කියල. කලින් ලිපිත් කියෙව්වා ඉතාම සරලව කියල දීල තියෙනව. ඔබට ජය!

    ReplyDelete
  13. මේකේ ඊලග පොස්ට් එක කොහොමද හොයාගන්නේ...?

    ReplyDelete
  14. @Charitha,
    "Archives" කොටසින් පුලුවන්,

    ReplyDelete
  15. ගොඩාක් වටින ලිපියක්... දන්න දැනුම බෙදා ගන්න එක ඊටත් වඩා වටින වැඩක්... දිගටම කරන් යන්න.... ජය වේවා....!

    ReplyDelete